සුප්‍රසිද්ධ මුහුණු ආලේප සමාගමක වෙළෙඳ නාමය අනවසරයෙන් යොදා ගත් බව කියන පස් දෙනකුට එරෙහිව නිශ්පාදක සමාගම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරිපිට නඩු පවරා ඇත.
වසීම් අහමඩ්, මොහොමඩ් මුසම්මිල්, එස් මහේෂ්වරන්, එස් චන්ද්‍රසේකර හා මොහොමඩ් සල්මන් ඔවුහුය.
බුද්ධිමය දේපොළ පනත යටතේ නඩු පවරා ඇති ඔවුන්ගෙන් සිව් දෙනෙක් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරිනු ලැබූහ.
මොහොමඩ් මුසම්මිල් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කැරිණි.

