වෙහෙරගල වාන් දොරටු අරී


වෙහෙරගල ජලාශයේ වාන්දොරටු හයම අඟල් හය බැගින්  විවෘත කළ බව තිස්සමහාරාම වාරිමාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ මහතා කියයි.

මැණික් ගඟට ජලය මුදාහැරෙන හෙයින් මැණික් ගඟ පරිහරණය කිරීමේ දී සැලකිලිමත් වන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලයි.