වෙසක්දා මාළු බෑමට ගිය තරුණයෙක් වැවේ හැංගෙයි


 

(මහේෂ් කිර්තිරත්න)   

වෙසක් පුන් පොහාය දින රත්තොට දන්කන්ද වැවේ මාළු ඇල්ලීමට ගිය තරුණයකු වැවේ ගිලි අතුරුදන් වී ඇතැයි රත්තොට පොලිසිය කියයි.

රත්තොට මැදවත්ත ප්‍රදේශයේ තරුණයන් කිහිපදෙනෙකු වැවට ගොස් ඉන් තිදෙනෙකු  කොටයක නැගි මාළු ඇල්ලිමට ගොස් ඇති බවත් පසුව කොටය පෙරළු මෙම තරුණයා දියේ ගිලි අතරුදන් වී ඇතැයි මුලික පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.

මෙසේ අතරුදන් වී ඇත්තේ රත්තොට,මැදවත්ත ප්‍රදේශයේ තරුණයකු බවද පොලිසිය කියයි.