වෙසක් මාසයේ රතන සූත්‍රය සඡ්ජායනා කරන්න


(යොහාන් භාසුර)

‘කොවිඞ් 19’ වසංගත තත්වය පාලනය වී ලෝකවාසීන්ට සැනසිල්ල උදාවේවා යන ප‍්‍රාර්ථනාව පෙරදැරිව ශ්‍රී ලංකාවේ සියලූම වෙහෙර විහාරවල ලබන සෙනසුරාදා  සිට ‘‘රතන සූත‍්‍රය’‘ දේශනා කරන්නැයි ලෙස ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතා පිළිබඳ උත්තරීතර බෞද්ධ උපදේශක සභාව ඉල්ලා සිටියි.

අසල්වැසි ඉන්දියාවේ තත්වය සංවේග ජනක බවත් බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිදුවූ මැයි මාසයේදී ඉන්දියානු ජනතාවට කෘතගුණ සැළකීම ලාංකේය බොදු ජනතාවගේ යුතුකමක් බවත් ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතා පිළිබඳ උත්තරීතර බෞද්ධ උපදේශක සභාවේ මහා සංඝයාවහන්සේ පවසති.