වෙසක් උත්සවය නතර නොකරන බව බුද්ධශාසන ඇමැති කියයි


(නිමල කොඩිතුවක්කු)

රටේ පවතින වාතාවරණය හමුවේ වෙසක් උත්සවය පැවැත්වීම කිසි ලෙසකින්වත් නතර නොකරන බව බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා පැවැසීය.

වෙසක් උත්සවය පවත්වන ආකාරය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

බුද්ධශාසන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පෙරේරා මහතා මේ බව පැවැසීය.

වෙසක් කළාප පැවැත්වීම සම්බනධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් වෙසක් කලාප සංවිධායකයන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද පැවැසීය.