වෙලේසුදාගේ දේපොළ බිරිඳට මුදාහැරීමට නීතීපති විරෝධය


(මනෝප්‍රිය ගුණසේකර)

හෙරොයින්, මත්කුඩු ජාවරමට සම්බන්ධ ‘වෙලේසුදා‘ නොහොත් සමන්ත කුමාර නැමැත්තා  මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්න ලද බව කියමින්  දැනට තහනමට ගෙන ඇති  නිවසක් ,  වාහනයක් ,  රත්රන් බඩු ඇතුළු විශාල භාණ්ඩ තොගයක් යළි වෙලේ සුදාගේ බිරිඳට මුදා හැරීම සම්බන්ධයෙන් නීතීපතිවරයා අද (27) සිය විරෝධතාවය ඉදිරිපත් කළේය.

 කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා හමුවේ ඉදිරිපත් වු   මෙම  විරෝධතාව  සලකා බලා මෙම දේපොළ මුදා හැරීම සම්බන්ධයෙන්  විමසීමක් පැවැත්වීමටද තීරණය කළේය.