වෙලේ සුදාගේ මල්ලිත් පොලිස් දැලේ


මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදා හෙවත් සමන්ත කුමාරගේ සොහොයුරා මත් කුඩු සමග අද (17) පස්වරුවේ කොහුවලදී අත් අඩංගුවට ගත්බව පොලිසිය කියයි.

ගම්පොළ විදානගේ ඉන්දික (35) නමැති සැකකරු මත්කුඩු තොගයක් රැගෙන නිවසට පැමිණි බවට පොලිසියට ලැබුණ තොරතුරක් මත කොහුවල කඩවත පාරේ නිවස අසලදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබිණි. අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් 300 ක් තිබූ බවත පොලිසිය පවසයි.