වෙලේ සුදාගේ නඩුවේ පැමිණිල්ලේ සාක්කි අවසන්


හෙරොයින් ළඟ තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වෙලේ සුදාගේ නඩුවේ පැමිණිල්ලේ සාක්කි ලබාගැනීම අද(8) අවසන් කෙරිණි. කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ලබන 15 වැනිදාට විත්තියේ දේශන සඳහා අවසර ලබාදුන්නේය.

පැමිණිල් පාර්ශ්වයෙන් කරුණු දැක්වූ නීතිඥවරු වෙලේ සුදා වැරදිකරු කරන්නැයි උසාවියෙන් ඉල්ලා සිටියහ.