හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 11ක් සමග ඉකුත් (20) රාත්‍රියේ බොරැල්ල පොලිසියෙන් අත්අඩංගුවට ගත් වෙලේ සුදාගේ නැගණිය ඇතුළු තිදෙනා ලබන මස 11 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මාළිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් දුලානි එස්.අමරසිංහ මහත්මිය අද (26) නියෝග කළාය.
ගම්පොළ විදානගේ දිලිනි නිල්මිණි, වී.පී.ධම්මිකා නොහොත් බොරැල්ල සිරිසර උයන කුඩු ධම්මි සහ හක්මන පදිංචි ලියනගේ නිශාන්ත මධුසංක නමැති තිදෙනා ඒ අතර වෙති.

