වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර හෙරොයින් ග්‍රෑම් 7.5ක් විකිණීමට ළඟ තබා ගත්තැයි කියන නඩුවේ පැමිණිල්ලේ හා විත්තියේ සාක්කි අද (15) අවසන් විය.
නඩුව ඔප්පුවී ඇති හෙයින් වෙලේසුදාට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුහර්ෂි හේරත් ගමගේ මහත්මිය මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා හමුවේ සාක්කි සම්පිණ්ඩන දේශනය පවත්වමින් ඉල්ලා සිටියාය.
වෙළේ සුදා වෙනුවෙන් පෙනී සිටි සුරංග බණ්ඩාර මහතා විත්තියේ දේශනය පවත්වමින් නඩුව මුල සිටම අවුලක්යැයි ද, සාධාරණ සැකයෙන් තොරව පැමිණිල්ල ඔප්පු කර නැති හෙයින් වෙළේසුදා නිදහස් කරන්නැයි ද ඉල්ලා සිටියේය.

