හෙරොයින් ග්‍රෑම් 7.06 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවූ ගම්පළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට එරෙහි නඩුවේ තීන්දුව අද (14) ප්‍රකාශ කිරීමට නියමිතය.
කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද නඩුවේ තීන්දුව ලබාදීමට නියමිත අතර මීට සුළු වේලාවකට පෙර වෙලේ සුදා බන්ධනාගාර රථයකින් අධිකරණයට රැගෙන එනු ලැබීය.
අධිකරණය අවට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂක භටයන් ද රඳවා ඇත.






