ප්‍රසාද් රුක්මල්
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවැනි සහ තෙවැනි වසරවල අධ්‍යයනය පීඨ නැවත දැනුම් දෙන තුරු අද (24) වසා දැමූ බව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උප කුලපති ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවැසීය.
විශ්ව විද්‍යාලයේ පිහිටි ආපනශාලාව තුළ විශ්ව විද්‍යාලයේ දෙවැනි සහ තෙවැනි වසර සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඇතිවූ ගැටුමක් හේතුවෙන් එම ගැටුම දුරදිග යාමට ඉඩ ඇති හෙයින් මෙම අධ්‍යයනය පීඨ වසා දැමීමට තීරණය කළ බව උප කුලපතිවරයා කීය.
හෙට (25) දහවල් 12ට පෙර දෙවැනි සහ තෙවැනි වසර අධ්‍යයනය පීඨ සිසුන් සිය නේවාසිකාගාර වලින් ඉවත්වන ලෙසට දැනුවත් කර ඇති බවද ඒ මහතා පැවැසීය.