(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් අවසන් යුද ගැටුම් පැවති වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ නිවසක් ඉදිකිරීම සඳහා වැසියකු වළක් හාරන අවස්ථාවේදී වළදමා තිබූ පුද්ගල නාශක බිම්බෝම්බ තොගයක් ඊයේ (07) සවස හමු වී ඇති බව මුලතිව් පොලීසිය පවසයි.
වෙල්ලමුල්ලි වයික්කාල්හි නැවත පදිංචියට ගිය වැසියෙකු විසින් සිය නිවස ආසන්නයේ තවත් ඉදිකිරීමක් වෙනුවෙන් වළක් හාරන අවස්ථාවේදී වළදමා තිබූ බිම්බෝම්බ කිහිපයක් මතු වී ඇති අතර පසුව ඒ බව මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට දැනුම් දීමෙන් පසුව එහි නිලධාරීන් පිරිසක් පැමිණ අදාල බිම්බෝම්බ තොගය සොයාගෙන ඇත.
එහිදි වළදමා තිබූ පුද්ගලනාශක බිම්බෝම්බ 50 ක් හා ෆියුස් 43 ක් සොයාගෙන ඇති අතර පසුව එම බෝම්බ තොගය වැඩිදුර අධිකරණ කටයුතු සඳහා මුලතිව් පොලීසියට භාර දී ඇති අතර මුලතිව් අධිකරණ නියෝගයකට අනුව ඉදිරියේදී එම බෝම්බ තොගය විනාශ කිරීමට නියමිතව ඇත.




