වෙල්ගමගේ අල්ලස් නඩුවේ චෝදනා නැවත සකසන්නැයි නියෝග


නිමන්ති රණසිංහ
 
 
හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සම්බන්ධ අල්ලස් නඩුවේ චෝදනා නැවත සකස් කර ලබන සැප්තැම්බර් මස 28 වැනි දා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අල්ලස් කොමිසමට නියෝග කළාය. 
 
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ස්ථාපිත කර නොමැති තනතුරක් සඳහා එල් ඒ විමලරත්න යන අය පත්කර රුපියල් මිලියන 3.2 ක් රජයට පාඩුකර අල්ලස් පනතේ දූෂණය නම් වරදක් සිදුකළේ යැයි අල්ලස් කොමිසම හිටපු ඇමැතිවරයාට එරෙහිව චෝදනා නගා ඇත.