පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විපක්ෂ නායක ලෙස පත්කරන්නැයි ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 56 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද පස්වරුවේ භාර දී තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, රංජිත් සොයිසා හා වාසුදේව නානායක්කාර මහත්වරුන් විසින් මෙම ලිපිය ජනාධිපතිවරයාට භාර දී ඇත.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහින්දානන්ද අලූත්ගමගේ මහතා පත්කරන ලෙස ද එම ලිපියෙන් ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවසීය.

