(නිමල කොඩිතුවක්කු)
කොන්ද පණ තියෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රිවරයෙක් ලෙස කුමාර වෙල්ගම මහතා එක්සත් ජාතික පක්ෂයට පිළිගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.
තම පක්ෂය සමඟ එක්වන ලෙසට එතුමන්ට ආරාධනා කර සිටින බවත් මන්ත‍්‍රීවරයා සදහන් කළේය. කොළඹ අරලියගහ මන්දිරයේ අද(22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
දිනේෂ් ගුණවර්ධන, කුමාර වෙල්ගම වැනි ජ්‍යෙෂ්ඨයන්ට පොහොට්ටුවෙන් අවස්ථාව නොලැබෙන්නේ ඔවුන් රාජපක්ෂවරුන් නොවීම නිසා බවත් සියවස් ගණනාවකට පෙර පැවති රජ පවුල් සංස්කෘතිය තවමත් පොහොට්ටුව තුළ තිබීම පිළිබඳ තරුණ දේශපාලඥයෙකු ලෙස තමන් කනගාටු වෙන බවත් හර්ෂණ රාජකරුණා මහතා සදහන් කළේය.

