වෙරළබඩ දුම්රිය දෙකක් අතරමග


අද පස්වරුවේ කොළඹ සිට ගාල්ල බලා ගිය සමුද්‍ර දේවි දුම්රිය හික්කඩුව ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්ව අතර මග නැවතී ඇති අතර ඒ හේතුවෙන් පසුව ගමන් ගත් කොළඹ - මාතර ශිඝ්‍රගාමී දුම්රියද තොටගමුව පාලම අසල නැවැත්වීමට සිදුව ඇතැයි දුම්රිය පාලනාධිකාරිය පවසයි.

මේ හේතුවෙන් දුම්රිය දෙකේම ගමන් කළ මගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි කියති.