රංජන් කස්තුරි
මිරිස්ස සංචාරක වෙරළ තීරයේ ඇති කුඩා ව්‍යාපාරික ස්ථාන ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන ඇති තීන්දුවට තමන් දැඩි විරෝධය දක්වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.
පොඩි මිනිසුන්ගේ බඩට ගැසීම යහපාලන ප්‍රතිපත්තිය නොවන හෙයින් ජනතාවගේ පැත්තෙන්ද කරුණු සොයා බලා අදාල තීන්දු ගන්නා ලෙස නිලධාරීන්ට දැනුම් දෙන බව ද ෆයිසර් මුස්තාපා මහතා කීවේය.
මිරිස්ස සංචාරක වෙරළ තීරයේ ඇති ව්‍යාපාරික ස්ථාන කේන්ද්‍ර කරගෙන එම ප්‍රදේශය සංචාරක කර්මාත්නය අද වන විට දියුණු තත්ත්වයක පවතින බවත්, ඒ ආශ්‍රිතව විශාල ජනතාවක් රැකියාව නිරතන වන බවත්, එම ව්‍යාපාරි ස්ථාන ඉවත් කිරීම ඔවුන්ගේ ජීවනෝපායට පහර ගැසීමක් බවත් ඇමැතිවරයා පැවසීය.