වෙරළ තීරයේ අනවසර ඉදි කිරීම් 1540ක්


හර්ෂණ තුෂාර සිල්වා

වෙරළ තීරයේ ඉදි කර ඇති අනවසර ඉදි කිරීම් 1,540ක් මේ වනවිට හඳුනාගෙන ඇතැයි වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අද (11) පැවැසීය. 

එම අනවසර ඉදි කිරීම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වනවිට ඉවත් කර ඇතැයි ද චන්ද්‍රකීර්ති මහතා කීවේය.

වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් චන්ද්‍රකීර්ති මහතා එම කරුණු කීය.

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට පත්වූ මිරිස්සේ පමණක් වෙරළ තීරවල ඉදි කර තිබෙන අනවසර ඉදි කිරීම් 21ද තංගල්ලේ අනවසර ඉදි කිරීම් 14ක් ද ඉවත් කර ඇතැයි ද චන්ද්‍රකීර්ති මහතා කීය.