වෙනිසියුලා ජනපති ඝාතන තැත ජවිපෙ හෙළා දකියි


බිඟුන් මේනක ගමගේ 
 
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ ඝාතනය කිරීමට දැරූ බියගුලු තැත හෙලාදකින්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

 
ප්‍රගතිශීලී ලෝක නායකයන් ප්‍රජාතන්ත්‍රවාදීව හා ආර්ථිකව පරාජය කළ නොහැකි තැන අවසානයේදී ඝාතනය කිරීමට තැත් දැරීම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවන්ගේ උපක්‍රමය යැයි ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
 
ප්‍රගතිශීලී වාමාංශික ව්‍යාපාර සමඟ ජනතා විමුක්ති පෙරමුණ නිරන්තරයෙන්ම කටයුතු කරන්නේ යැයි ද වමේ ජාත්‍යන්තර සහයෝගීතාවය සිය පැතුම යැයි ද ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.