වෙන්වූ අත බද්ධ කරයි


මන්නා පහරකින් වෙන්වී ගිය දකුණු අතක් බද්ධ කොට බරපතල තුවාල ලැබූ අනෙක් අතට පැය දහයක සැක්කම් කිහිපයක් කිරීමට කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු කණ්ඩායමක් සමත් වූහ. විශේෂඥ ශල්‍ය වෛද්‍ය අරුණජිත් අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමිල සසංක ,තුෂාන් බෙනරගම යන වෛද්‍ය ශල්‍යකර්මය සිදු කළහ. කුරුණෑගල නවරත්න හන්දියේ රන්ජනී දමයන්ති (28) නම් දෙදරු මවට මෙම සැත්කම සිදු කැරිණි. වෙන්වූ අත අයිස් බෑගයක දමා රෝහලට ගෙනවුත් තුබූ බව වෛද්‍යවරු කියති.