(චන්දන ප්‍රනාන්දු)
සිරිගම්පල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් නරඹා නිවෙස්වලට යමින් සිටි දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් හේතුවෙන් තියුණු ආයුධ වලින් කපාකොට තිදෙනෙකුට බරපතල තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් සැකපිට අද (8) අලුයම පස් දෙනෙක්ව අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිරිගමපල පදිංචි වයස අවුරුදු 20 ත් 25 ත් අතර පුද්ගලයන් පස් දෙනෙකි.
කඩුවලින් කපා කොටා බරපතල තුවාල ලබා සිටි දෙදෙනෙක් මාරවිල රෝහලේ හා එක් අයෙක් හලාවත රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

