(විනීතා එම් ගමගේ)
පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් බරපතල ලෙස හානියට පත්වූ වෙන්නප්පුව වෙරළ තීරය ප‍්‍රතිසංස්කරණය කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මේ සඳහා රුපියල් ලක්ෂ 420 කට ආසන්න මුදලක් වෙන් කර ඇතැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ලංකාදීපයට පැවැසීය.
තොඩුවාව වෙරළ තීරයේ ස්ථිර ආරක්ෂක බැමි වශවෙන් පනාවැටි අටක් දැමීමට රුපියල් ලක්ෂ 320 ක් වෙන් කර ඇති බවත් එම වැටි දැමීම් සිදුකරමින් සිටිය දී පසුගියදා පැවැති අයහපත් කාළගුණ තත්ත්වයෙන් විනාශවූ ප‍්‍රදේශයට තාවකාලික ගල් බැමි දැමීම ස`දහා රුපියල් ලක්ෂ සියයක් වෙන් කර මේ වනවිට එම කටයුතු සිදුකරමින් පවතින බවත් චන්ද්‍රකීර්ති මහතා කියා සිටියේය.
වෙන්නප්පුව වෙරළ තීරයේ තොඩුවාව ප‍්‍රදේශය නිරන්තර මුහුදු ඛාදනයට ලක්වන ප‍්‍රදේශයක් වන බවත් එම ප‍්‍රදේශයට ස්ථාවර පනා බැමි යොදා ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් හෙතෙම සදහන් කළේය.

