වෙන්නප්පුව ප්‍රා.ස එජාප මන්ත්‍රීවරියකට ප්‍රහාරයක්


( චන්දන ප‍්‍රනාන්දු )    

වෙන්නප්පුව ප‍්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ  මන්ත‍්‍රිවරියකගේ නිවසකට  බලහත්කාරයෙන් ඇතුළු වු පිරිසක් මන්ත්‍රීවරියට පහර දී පැන ගිය සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි පොලීසිය පවසයි.
                                                                       

වෙන්නප්පුව උතුරු සිරිගම්පල ප‍්‍රදේශයේ පදිංචි එක්සත් ජාතික පක්ෂයෙන් පත්කළ මන්ත‍්‍රිවරියක් ලෙස ප‍්‍රාදේශිය සභාවට තේරිපත්  වු මන්ත‍්‍රිවරියකගේ නිවසට ආ බණ්ඩිරිප්පුව ප‍්‍රදේශයේ  පදිංචි පුද්ගලයෙක් ඇතුලු පිරිසක්  මෙම සිද්ධියට සැක බව පවසමින්  ඔවුන් පොලීසියට පැමිණිල්ල කර තිබේ.

මෙම පහරදීමෙන් නිවසේ තිබු යතුරුපැදි කීපයකට නිවසට හානි සිදුව ඇති අතර  මන්ත‍්‍රිවරියගේ සොහොයුරියකට තුවාල සිදු වි ඇති බව පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසයි.
                                                                   

මෙම පහරදීමට පැමිණි කියන පුද්ගලයෙක්ද තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළු වි ඇති බවත් එම පුද්ගලයාද තමන් මන්ත‍්‍රිවරියගේ එම නිවස අසලින් යන විට නිවසේ සිටි පිරිසක් කඩුවකින් කෙටු බවට පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.


සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.