රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන් හා සමානවම මාලඹේ පෞද්ගලික විද්‍යාලයේ සිසුන්ටද රජයේ සේවයට ඇතුළත් වීම සඳහා අවසර ලබාදුන් පරිදි රජයේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙනයනු ලබන වැඩපිළිවෙළට එරෙහි වෙමින් ඒ පිළිබඳව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුම්වත් කිරීම සඳහා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (5) සවස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පාගමනින් පැමිණියේය.
ඔවුහු එම ස්ථානයේ උද්ඝෝෂණයකද නිරත වූහ. ඒ අතර සිටි එක් සිසුවකු මාධ්‍යවේදීන්ටද චෝදනා කළේය.
ජනපති ලේකම් කාර්යාලයේ කිසිවකු නොසිටි හෙයින් ඔවුන්ගේ උද්ඝෝෂණය අවසන් විය.







