වෙද සිසුහු අපුරට එති
පොලිසියේ උපදෙස් අනුව සාලියපුර මඩු කඩා ඉවත් කළ රජරට සරසවියේ සාලියපුර වෛද්‍ය පීඨ සිසුහු අද අනුරාධපුර නගරයට පැමිණ උද්ඝෝෂණයක් කළහ. සාලියපුර සිට බස්වලින් නගරයට ආ ඔවුහු නව බස්නැවැතුම්පොළ ඉදිරිපටට වී පුවරු ඔසොවාගෙන ටික වේලාවක් නිහඬව සිට බස්වලි නැඟී ආපසු ගියහ.

