ආයුර්වේද වෛද්‍යවරුන්ගේ නිල වාහන හඳුනා ගැනීම සඳහා කොළ පැහැති ”වෛද්‍ය ලාංඡනය” හඳුන්වාදීම රාජගිරියේ පිහිටි දේශීය වෛද්‍ය අමාත්‍යංශයේදී අද සිදුකෙරිණි.
ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්ට පමණක් මෙම ලාංඡනය නිකුත් කැරේ. වෛද්‍යවරයාගේ නම, වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය, වාහනයේ තොරතුරු මෙහි ඇතුළත් වේ. දැනට මෙරට ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුන් සංඛ්‍යාව විසි දෙදහස් නමසිය හතළිස් නවයකි.
දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා විසින් වෛද්‍ය ආර්.කේ.එස්. රණසිංහ මහතාගේ නිල රථයේ ප‍්‍රථම කොළ ලාංඡනය අලවා ව්‍යාපෘතිය ඇරැඹීය. නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය රංජිත් ප‍්‍රනාන්දු ද මේ අවස්ථාවට එක්වූහ.
