වෙද මහත්තුරු 1500 එකවිට ලෙඩ වෙති
ආයුර්වේද වෛද්‍යවරු 1500ක් පමණ අද ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකළහ. ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා සහ නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලා වැඩ අඩපණ විය. බටහිර වෛද්‍යවරුනට දෙන අනතුරු දායක දීමනාව, බාධක දීමනාව, පරිපාලන දීමනාව, ඉන්ධන දීමනාව, අමතර සේවා දීමනාව, සහ නිවාඩු දින දීමනාව ඉල්ලන ඔවුහු සහ පාරම්පරික වෛද්‍යවරුනට විශ්‍රාම දීමනාවක් ඉල්ලති. රාජගිරිය ආයුර්වේද රෝහල ඉදිරිපිට දී උද්ඝෝෂණයක් ද කළහ.

