වෙද නෝනා සේවිකාවක් දණ ගස්වයි


රාජකාරි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් බණ්ඩාරගම වීදියගොඩ ආයුර්වේද රෝහලේ සුළු සේවිකාවක දණ ගැස්වීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍ය නිලධාරිනියකට එරෙහිව පරීක්ෂණ කරන ලෙස සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ආයුර්වේද කොමසාරිස්වරියට දන්වා ඇත.

තවත් සේවකයන් 7 දෙනකු ඉදිරිපිටදී ඇය දණ ගැස්වීමෙන් සිදුකළ අපහාසය හා හෑල්ලුව සම්බන්ධයෙන් වෛද්‍යවරියට එරෙහිව පියවර නොගතහොත් ආයුර්වේද රෝහල් සියල්ලම උද්ඝෝෂණයක් කරන බවද සංගමය කියයි.

රෝගී කතකට සිය විශ්‍රාම වැටුප ගැනීම සඳහා රෝහලෙන් බැහැරවීමට වෛද්‍යවරියක වාචිකව උපදෙස්දී පසුව ලිඛිතව ඒ බව සටහන් කර ඇතැයිද දණ ගැස්වීමට ලක්වූ බව කියන සේවිකාවගේ පැමිණිල්ලේ දැක්වේ. රෝගී කතට රෝහලෙන් බැහැරවීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් අදාළ සේවිකාව දණ ගස්වා ඇතැයි කියති.

පරීක්ෂණ පැවැත්වීම සඳහා ආයුර්වේද කොමසාරිස්වරිය රෝහලට පැමිණියාය.

web1 web2