වෙඩි වැදුණු බෙලිඅත්ත ප්‍රා.ස විපක්ෂනායක මිය යයි


(ඩී.ජී.සුගතපාල සහ චන්ද්‍රසේන ගමගේ)


වෙඩි වැදීමෙන් තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බෙලිඅත්ත ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක කපිල ප්‍රියදර්ශන අමරකෝන් මහතා අද(22) අලුයම මියගොස් ඇත.

ඒ මහතා පසුගිය 20වැනි දින උදෑසන පල්ලත්තර පිහිටි සිය නිවසේ කාමරයක් තුළ වෙඩි වැදි තුවාල ලබා සිටියදී තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබිණි.

අමරකෝන් මහතා 44 හැවිරිදි දෙදරු පියෙකි. 

ගාල්ල මහේස්ත්‍රාත්වරයා අද කරාපිටිය රෝහලට ගොස් මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.