වෙඩි වැදීමකින් මිය ගිය අයකුගේ සිරුරක් නිදහස් චතුරස්‍රය අසළ


(ඉන්දිකා රාමනායක)

වෙඩි වැදී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් කොළඹ නිදහස් චතුශ්‍රයෙන් අද (12) පෙරවරුවේ  සොයා ගෙනඇති බව පොලීසිය කියයි.

මෙම මළ සිරුරට යටි වී  තිබු  මිලි මීටර් 9 පිස්තෝලයක්ද හමු වී ඇතැයි පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ රාජගිරිය උද්‍යාන පාරේ පදිංචි (63) හැවිදිරි පුද්ගලයෙක් බව පොලිසිය කියයි

මොහුට කිසිවකු විසින් වෙඩි තබා මෙම ස්ථානයට ගෙනවිත් දමා ඇති ද,  නැතහොත් මෙම  ස්ථානයේ දී මොහු    වෙඩි තබා ගත්ත ද,  යන්න හෙළිකර ගැනීමට කුරුදුවත්ත  පොලිසිය පරීක්ෂණ පවත්වයි.