වෙඩි වැදී ඇත්තේ පාතාලයකු බවට සැකයක්


කරාපිටිය රෝහල අසල වෙඩි වැදී දමාගොස් ඇති පුද්ගලයන් තිදෙනා මේවනවිට කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සහ වාට්ටුවක ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. එක පුද්ගලයකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


මෙම පුද්ගලයන් තිදෙනා අතර දිවයිනේ නමගිය පාතාල නායකයකු සහ ඔහුගේ සොහොයුරා සිටින බවත් තහවුරු නොකළ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෙසේ නමුත් මේවන විට කරාපිටිය රෝහලට දැඩි ආරක්ෂාවක් සලසා තිබෙන අතර පොලිසියට අමතරව එස්ටීඑෆ් භටයන්ගේ ආරක්ෂාව ද යොදා තිබෙනවා.


සිද්ධිය පිළිබඳව මාතර පොලිසිය සහ ගාල්ල පොලිසියේ නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.  

 

(255)