වෙඩි තැබීමකට අනුබල දුන් අයෙක් මාට්ටු


(ගයාන් සූරිය ආරච්චි)

බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, හිරන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදී පින්තාරුකරුවෙකි.

බොල්ගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයකින්  ගමන් කරමින් සිටි පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණෙන් ආඳුනන තුවක්කු කරුවන්දෙදෙනෙකු විසින් ඉකුත් අගෝස්තු මස දිනකදී වෙඩි තබා ඝාතනයකර තිබුණි.

එම වෙඩ තැබීමෙන් ඝාතනයට ලක්වූයේ පානදුර ප්‍රදේශයේ පදිංචි ලලිත් කුමාර කෝදාගොඩ නැමැති පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දීම යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.