වෘත්තීය සමිති නායකයන් වෙනුවෙන් විදුලි බල සේවකයෝ සටනේ


(අමල් වික්‍රමරත්න)

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයන් 6 දෙනෙකුගේ වැඩ තහනමට ලක්කිරීමට විරෝධය පළකරමින් අද දහවල් ගාල්ල මාගාල්ල විදුලිබල මණ්ඩලයේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විය.

එම අවස්ථාවට  විදුලිබල මණ්ඩලයේ දකුණු පළාත් නියෝජ්‍ය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්යාලයට අයත් සේවක සේවිකාවන් සේවකයන්, ගාල්ල විදුලිබල ප්‍රාදේශීය කාර්යාලයේ සේවකයන් සහ නඩත්තු අංශයේ සේවකයන් එක්ව සිටියහ.

වැඩ තහනමට ලක්වුවන් නැවත සේවයේ පිහිටුවන ලෙසට බලකරමින්  විදුලිබල සේවකයන්  මෙසේ උද්ඝෝෂණයේ නිරතවූහ.