( මොහොමඩ් ආසික්)
අදට (01) යෙදී තිබෙන ලෝක කම්කරු දිනය ලබන 07 වැනිදාට සැමරීමට රජය තීරණය කර තිබුණද වෘත්තීය සමිති තුනක සහභාගීත්වයෙන් මහනුවර දුම්රිය පොළ ඉදිරිපිටදී අද (01) මැයි දින සැමරුමක් පැවැත්විණි.
ලංකා කම්කරු රතු කොඩි සංගමය, ගෘහස්ත කම්කරු සංගමය සහ ලංකා වෘත්තීය සමිති සම්මේලනය මීට එක් වුවෝ වෙති.
මෙහිදී අදහස් දැක්වූ ලංකා කම්කරු රතු කොඩි සංගමයේ මේනකා කන්දසාමි මහත්මිය මෙහිදී සඳහන් කළේ, ලෝක කම්කරු දිනය ජීවිත පරිත්‍යාගයෙන් දිනා ගත් කම්කරුවන්ගේ දිනයක් බවත් මේ වන විට කම්කරුවන්ගේ අයිතිවාසිකම් ගිලිහෙමින් තිබෙන බවත්ය. එමෙන්ම ධනපති රජයන් කම්කරු අයිතින් උදුරා ගනිමින් සිටින බවත් කම්කරු දිනය වෙනස් කිරීම කිසිසේත් තමන් අනුමත නොකරන බවත් ඇය සඳහන් කළාය.