(ජි.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
වීසා බලපත් නොමැතිව ගාල්ල දඩල්ලේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක සේවයේ නිරතව සිටි චීන ජාතිකයින් 14 ක් අද (27) අත්අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය පවසයි.
පොලිසියට ලද තොරතුරකට අනුව මෙම ඉදිකිරීමේ ස්ථානය පරීක්ෂා කර මෙම විදේශිකයින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් පිරිස හෙට (28) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

