සුමතිපාල දියගහගේ
මෙරට රැදී සිටීමට වීසා නොමැති නයිජීරියානු ජාතිකයෙකු ගාල්ල දෙවට ප්‍රදේශයේදී අද (5) ගාල්ල වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල කටුගොඩ ප්‍රදේශයේ මුස්ලිම් ගම්මානයක පිහිටි සංචාරක නිවසක මොහු නවාතැන් ගෙන සිටින බව පොලිස් පරික්ෂණවලදී හෙලිවි ඇත.මොහු සතුව රුපියල් පනස් හත් දහස් පනහක මුදලක් තිබී ඇතත් එම මුදල් මොහුට ලැබී ඇති අන්දම හෙලි කිරීමට සැකකරු අසමත්වි තිබේ.
මෙරට රැදී සිටිමින් කිසියම් වංචනික ක්‍රමයකින් මෙම විදේශිකයා මුදල් උපයා ඇති බවට පොලිසිය සැකකරන අතර මෙම සැකකරු පිළිබඳ ශ්‍රි ලංකාවේ නයිජීරියානු තානාපති කාර්යාලයටද දැනුම්දී ඇතැයි වාර්තාවේ.