වීසා නැතුව රට පනින්න ගිය සර්පයා


(විමුක්ති එස් රුද්‍රිගු)

බැංකොක් සිට පුකට් වෙත පියාසර කරමින් තිබූ තායි එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක සර්පයකු ඇදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

ගුවන් යානයේ අසුනට ඉහලින් ඇති බඩු දමන රාක්කයේ සර්පයකු ඇදෙන අයුරුත් වහාම ක්‍රියාත්මක වන ගුවන් සේවකයකු ගුවන් යානය ගොඩබෑමට පෙර එම සර්පයා බෝතලයක් සහ බෑගයක් ආධාරයෙන් අල්ලා ගන්නා අයුරුත් එම වීඩියෝවේ දිස්වේ.මෙම අදහාගත නොහැකි වීඩියෝව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පරිශීලකයන් හොඳ සහ නරක අදහස් පළ කර ඇත.

නමුත් බොහෝ අයගේ මතය වී ඇත්තේ ගුවන් සේවකයාගේ ක්‍රියා කලාපය අගය කළ යුතු බවය.