(ජේ.කේ.එල් චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
වීසා නොමැතිව මෙරට රැදි සිටි චින ජාතිකයකු මාගාල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ගාල්ල වරාය පොලිසිය කියයි.
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙකී චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය විසින් ඔහු පරික්ෂා කරන අවස්ථාවේ මොහු ළඟ විදේශීය ගමන් බලපත්‍රය හා වෙනත් කිසිදු ලියවිල්ලක් නොතිබු බව වරාය පොලිසිය කියයි.
මොහු 2017 වර්ෂයේ මාර්තු 19 වැනි දා මෙරටට පැමිණ තිබේ. ඔහු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදි සිටිමින් චින ජාතිකයින්ට සංචාරක මඟ පෙන්වන්නකු ලෙස කටයුතු කර ඇති බවද පොලිසිය කියයි.
මොහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ මොහු සතුව ඇමෙරිකානු ඩොලර් 2705ක්, හොංකෝ ඩොලර් 500ක් හා රුපියල් 1.61000ක මුදලක් තිබු බවද පොලිසිය කියයි.
මෙකී චීන ජාතිකයා පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවට ආගමන විගමන පාලක දෙපාර්තමේන්තුව හා සංචාරක පොලිසිය වෙත දැනුම් දී ඇති බව පොලිසිය කියයි.