(රොමේෂ් මධුෂංඛ)
ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් මෙරට රැඳී සිට කයිට්ස්, සුරුවිල් හී දී වෙළඳාම් කළ කාන්තාවක් අද (5) අත්අඩංගුට ගනු ලැබු බව කයිට්ස් පොලිසිය පවසයි.
සංචාරක වීසා මත මෙරට රැඳී සිටිමින් වෙළෙඳාම් කටයුතුවල නිරත වෙමින් සිටියදී ඇය මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට පත් කාන්තාව 47 හැවිරිදි ඉන්දියාවේ රාජපුරම් ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය අද කයිට්ස් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

