ඩබ්ලිව්.ඒ. අසේල
වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දියන් ජාතිකයෙකු ගලහ පොලිසිය මගින් අද (7) අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 21වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත තොට තිබේ.
මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි සුබ්‍රමනියම් රාජා නැමති පුද්ගලයෙකු වන අතර ඔහු ගලහ ප්‍රදේශයේ කාන්තාවක් සමඟ විවාහ වි ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී හෙලිවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එම්.ආර්.එස්. කෝනාර මහතාගේ උපදෙස් මත ගලහ් පොලීසියේ නිලධාරි කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.