වීසා නැතිව ආගමික පාසල්වල සිටින විදේශිකයන් පිටමං කෙරේ


රංජන් කස්තුරි

 

වීසා බලපත් නොමැතිව මෙරට ආගමික පාසල්වල සේවය කරන සියලු විදේශිකයින් වහාම ක්‍රියාත්මක වන පරිදි රටින් පිටමං කිරිමට රජය තීරණය කර තිබේ.

රැකියා වීසා බලපත් නොමැති විදෙස් ජාතිකයින් පිරිසක් මෙරට ආගමික පාසල්වල සේවය කරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද ඔවුන් රටින් පිටමංකරන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවට හා අනෙකුත් අදාළ අංශවලට උපදෙස් ලබාදුන් බවද අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළෘත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

විශේෂයෙන් ඉස්ලාම් ධර්මය ඉගැන්වීම සඳහා මෙරටට පැමිණ සිටින විදේශිකයින් පිළිබඳව කරුණූ සොයා බලා ඔවුන් රටතුළ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරිමට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන් බවද හෙතෙම කීය.