සුජිත් හේවාජුලිගේ
ශ්‍රී ලංකාවේ වීසා ක්‍රමය ළඟදීම වෙනස් කිරිමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
වීසා ගාස්තු සංශෝධනය කර වීසා යටතේ කටයුතු කරන බව ආගමන විගමන පාලක එම්.එන්.රණසිංහ මහතා පැවසීය.
මේ සඳහා නව රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක් ළඟදීම නිකුත් කරන බව කී ආගමන විගමන පාලකවරයා නව රෙගුලාසි නීතිපතිවරයාගේ අනුමැතියට යවා ඇතැයි ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ වීසා ක්‍රමය දිගු කලකින් යාවත්කාලීනවී නැතැයි ආගමන විගමන දෙපාර්මේන්තුව පවසයි.