වීරවිල පාර වහයි හමුදා කඳවුර දුමෙන් වැසේ


වීරවිල ගොඩනැඟිල්ලක ලොකු පිපිරීමකින් තුවාල ලැබූ සෙබළෙක් දෙබරවැව රෝහලට ඇතුළුකරනු ලැබ සිටීයි. හමුදා කඳවුර පෙදෙස දුමෙන් වැසී ඇත. පිපිරීම සිදු වී ඇත්තේ පස්වරු 3 ට පමණය. අවි ගබඩාවක් පිපිරෙන වැනි හඬක් ඇසුණු බව වැසියෝ කියති. හමුදා කඳවුර ඉදිරිපිට මාර්ගය වසා ඇත.