වීරවංශට අලුත් ගමන් බලපත උසාවියෙන් ලැබේ


ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ අලුත් විදේශ ගමන්බලපත්‍රය රුපියල් ලක්ෂයක බැඳුම්කරයක් මත ඔහුට මුදා හරින ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් තිලකරත්න බණ්ඩාර මහතා අද (28) නියෝග කළේය.

ඒ අනුව එම රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයෙන් ඔහුට එතෙර යා හැකි බව ආගමන විගමන ආරංචි කියයි.

විමල් වීරවංශ ඔහුගේ බිරය ශෂී හා දරු දෙන්නාද බන්දුල ගුණවර්ධන මන්ත්‍රී ඇතුළු පිරිසක්ද උසාවියට පැමිණ සිටියහ. වැඩිදුර විභාගය ලබන මාර්තු 5 වැනිදාට කල් තැබිණි.

webwimal_20151028