ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද අලුයම පහට පමණ තලංගම පොලිසියට ගොස් තම රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය නැතිවූ බව කියමින් පොලිස් වාර්තාවක් ලබාගෙන ඇතැයි පොලිස් ආරංචි කියයි.
ඉන් පසු උදේ 7.30ට පමණ ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගොස් ඒ වෙනුවට නව රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ගෙන ඇතැයි ද, ගුවන්තොටුපොළේ දී ප්‍රශ්නය මතුවූ අවස්ථාවේ ආගමන විගමන නිලධාරියකුට දෝෂාරෝපණය කර ඇතැයි ද ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසයි.
ඔහුගේ මුල් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය ගෙන ඇත්තේ 2011 බවද , එය 2012 මැයි මාසයේ නැති වූ බව කියමින් 2012 මැයි මාසයේ දෙවැනි ගමන් බලපත ලබාගෙන ඇතැයි ද, එම බලපතින් 2014 වසර අවසන්වන තුරු යාම් ඊම් කර ඇතැයි ද, ජනාධිපතිවරණය පරාජයෙන් පසු විදෙස් ගත වී නැතැයි ද ගුවන්තොටුපොළ ආරංචි සඳහන් කරයි.
මෙවර වීරවංශ මහතා එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි, ඉතාලි, ප්‍රංශය හා එංගලන්තයට යන්නට ගොස් ඇත්තේ ‘සුද්දගේ අධිකරණය හා ජාතියේ අවනඩුව‘ නම් පොතක් එළිදැක්වීමේ වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට යැයි ද දැනගන්නට ඇත.
ඒ අනුව වීරවංශ මහතාට රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගවන් බලපත්‍ර තුනක් නිකුත් කර ඇතැයි කියති.

