ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කටුනායක සිට එසැණ වෙබ් අඩවිය සමඟ ජංගම දුරකතනයෙන් සම්බන්ධ වෙමින් පැවසුවේ තමා ගුවන්තොටේ රඳවා ගැනීම පිටුපස ඇත්තේ දේශපාලන දඩයමක් බවයි.
වැරදීමකින් පරණ විදෙශ ගමන් බලපත්‍රයේ වීසා සටහන් කර ගත් බව ද ඔහු පිළිගනී. නැතිවූ ගමන් බලපත්‍රය නැවත සොයා ගත් බව ආගමන විගමන දොපාර්තමේන්තුවට නොදැන්වූ බව ද වීරවංශ මහතා පිළි ගනී.
‘මගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය නැති වුණා. ඉන් පසු මා අලුතෙන් විදේශ ගමන් බලපත්‍රයක් ගත්තා. ඉන් පස්සේ මා ගෙවල් මාරු කරද්දි පරණ බලපත්‍රය සොයා ගත්තා.මා හිතන් හිටියේ මේ අලුත් බලපත කියලයි. ගමන යන්න වීසා ගහගෙන තියෙන්නේ පරණ බලපතේ. අද උදේ නැවත ආගමන විගමන කාර්යාලයයට ගිහින් අලුතින් බලපත්‍රයක් ගත්තා. මා ඩුබායි, ඉතාලි සහ පැරිස් යන්නයි ගියේ. රහස් පොලිසියෙන් මා රඳවා ගත්තා මේ ගැන විමර්ශනයක් කරන්න අවශ්‍ය බව කියමින්. මා කිව්වා මට යන්න දෙන්න ආවට පස්සේ පරීක්ෂණ කරන්න කියා. නමුත් තවම මා යැව්වේ නෑ. මේක දේශපාලන දඩයමක්.‘
ආගමන හා විගමන නිලධාරියකු පැවසුවේ නැතිවූ විදේශ ගමන් බලපත්‍රය නැවත සොයා ගත් බව දන්වා නැති බවයි.
වීසා සටහන් යෙදූ ගමන් බලපත්‍රයේ තොරතුරු සොයද්දී එය ‘නැතිවූ ගුවන් ගමන් බලපත්‍රයක්‘ බව පෙන්නුම් කරන බවත්, එවැනි බලපත්‍රයකින් ගුවන් ගමන් යෑමට නොහැකි බවත් ඔහු කීවේය.

