
(චන්ද්‍රසේන ගමගේ)
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණියේය.
ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා පසුගිය දා කළ ප්‍රකාශයක් ගැන කරුණු විමසීම සඳහා තංගල්ල කොට්ඨාස අපරාද විමර්ශනාකාර්යාංශයට පැමිණෙන ලෙසට පසුගිය හතර වෙන දින තංගල්‍ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් දැනුම් දීමක් කොට තිබුණි.
විමල් වීරවංශ මහතා නීතිඥයෙකු සමග තංගල්ල කොට්ඨාස අපරාද විමර්ශන කාර්යංශයට පැමිණි අතර ඔහුගේ දේශපාලන හිතවතුන් පිරිසක්ද එම ස්ථානයට පැමිණ තිබුණි.

