වීර මතාවෝ පිදුම් ලබති


විල්පත්තු බටහිර මායිමේ මහවිලච්චිය ගොවි ජනපදයේ දරුවන් දස දෙනකුට වඩා බිහි කළ මව්වරුනට උපහාර පිදීමේ උත්සවයක් මහවිලච්චිය යාය 3 ශ්‍රී සුදර්ශනාරාම යේ දී පැවැත්විණි. මව් පියවරු 13 දෙනෙක් එහි දී උපහාර ලැබූහ. දරුවන් 16 දෙනකු බිහි කළ මවක ද ඒ අතර වූවාය. ටී. බේබිනෝනා (75) ඇයයි. මධ්‍යම නුවරගම් පළාත ප‍්‍රාදේශීය සභාවේ එජාප මන්ත‍්‍රී අනුර බණ්ඩාර මහතා සංවිධාන කළ මේ උත්සවය ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිපති මාරක සුසීල හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත් සිදුවිය.