වාහන ලීසිං හා රන්බඩු උකස් ආයතනකයක ගම්පහ ශාඛාවේ සිදුවූ රුපියල් එක්කෝටි අසූ පන් ලක්ෂයක රන්බඩු හා මුදල් කොල්ලයට සැකපිට නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ සමෘද්ධි නියාමකයකු බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් එම අයතනයේ ආරක්ෂක කැමරා පින්තූරවල සිටින පුද්ගලයකු ලෙස ඔහු හඳුනානාගත් බවත් ගම්පහ පොලීසිය කියයි.
ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාට අද (23) උදේ පානදුරේ පුද්ගලයකුගෙන් ලැබුණු දුරකතන ඇමතුමක් අනුව මේ වැටලීම සිදු විය.
පොලිසිය දුටු විගස ඔහු බියට පත්වූ ස්වරූපයක් පෙන්වා ඇත.
ගම්පහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර් ඩබ්ලිව් එම් ඒ එස් රාජකරුණා මහතා ඇතුළු පිරිසක් සහ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් නෙළුව පොලිසියට ගියහ..
පසුගිය බදාදා (21) දහවල් 1.30 ට පමණ මේ කොල්ලය සිදු විය.
සේප්පු දෙකකින් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂ අසූ දහස් හයසියයක රන් බඩු පැකට් 186 ක් සහ රුපියල් එකොලොස් ලක්ෂ හැත්තෑ නව දහස් අටසියයක් රැගෙන ගොස් තිබිණි.
විනාඩි අටකකදී මේ කොල්ලය සිදු වී ඇත.